🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

හැඳින්වීම

විශ්ව නිකේතනය සාම නිවහනකි: සෑම ප්‍රජාවන්ටම අභ්‍යන්තර හා බාහිර සාමයේ පරමාදර්ශය සොයා යෑම උදෙසා තෝතැන්නකි.

විශ්ව නිකේතනය පිහිටුවා ඇත්තේ කල්පවතින සාමය ළඟා කර ගත හැක්කේ පුද්ගලයන් තමා තුළ ඇති ගැටුම් නැතිකර ගැනීමෙන් තමන් තුළම සිය අභ්‍යන්තර සාමය අත්කර ගැනීමෙන් බව තරයේ විශ්වාස කරමිනි. සිත සුවපත් කිරීම, සමාජය සුවපත් කිරීම සහ පරිසරය සුවපත් කිරීමේ සිය මෙහෙවර තුළින් විශ්ව නිකේතනයෙහි සුවිශේෂ සාම පණිවුඩය සැකෙවින් ප්‍රකාශ වේ.

පුද්ගලයන් වශයෙන් අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප තුළම පරිවර්තනයක් සිදු නොවන්නේ නම් අපට කිසිදු සමාජ පරිවර්තනයකට දායක විය නොහැකි බවයි. එමනිසා, අප සෑම කෙනෙකුම හැකි උපරිමයෙන්, ආතතියෙන් තොරව සහ ආතතිය ඉක්මවා නොගොස් ක්‍රමානුකූලව භාවනා කුසලතා වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. සමාධිය තුළින් අපේ සිතේ පූර්ණ ඒකාග්‍රතාවය පවත්වා ගත හැකි යැයි අපට හැඟෙන තැනකට පැමිණි පසු, අපේ පවුල, අපේ සමාජයේ සහ අපේ අනෙක් කණ්ඩායම්වල අය සමඟ එකට එකතු වී සාමූහිකව භාවනාවෙහි යෙදීමෙන් ආධ්‍යාත්මික ශක්තිය යොදා සමාජය සුවපත් කරන මානසික වාතාවරණයක් සකස් කර ගත හැකිය. එම නිසා පුද්ගලයන් තමන්ගෙන්ම පටන් ගෙන, සමාජයට පිවිසි පසු අන් අය සමඟ හා එක්ව භාවනාවේ යෙදිය හැකිය.

විශ්ව නිකේතනය වැනි සෑම දෙයක්ම – සෑම ගසක්ම, සෑම පැළයක්ම සහ සෑම පොකුණක්ම භාවනා කිරීමට සුදුසු ස්වභාවික වාතාවරණයක් නිර්මාණය කර ඇති පරිසරයක් ඔබට ඇති විට මෙම පුද්ගල සහ සාමූහික භාවනා අත්දැකීම වැඩිදියුණු කළ හැකිය. ඒ නිසා ඈත වන ලත නොවී වඩාත් සාමකාමී මිනිසෙක්, සාමකාමී සමාජයක් සහ සාමකාමී පරිසරයක් පෝෂණය කිරීම සඳහා පුද්ගල, සාමූහික හා ස්වාභාවික මානයන් එකට මුසු වූ විශ්ව නිකේතනයට පැමිණිය හැකිය.

Back to Top