🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

ධර්ම දේශනා

අපගේ ගිහි ජීවිතයේදී එදිනෙදා මුහුණ දෙන නොයෙකුත් ගැටලු සහ ගැටුම් බුදුරදුන්ගේ දහම් නුවණින් හසුරුවා ගැනීමට මඟ පෙන්වීමේ පරම පිවිතුරු චේතනාවෙන් විශ්ව නිකේතන් සාම නිවහන මහජනතාව සඳහා මාසික ධර්ම දේශනා සංවිධානය කරයි. අර්ථවත් දේශනා පැවැත්වීම සඳහා ප්‍රසිද්ධ ජනය බෞද්ධ කථිකයින්ට මෙම සැසි සඳහා සැම විටම ආරාධනා කෙරේ.

මහජනයාට විවෘතව ඇති මෙම දේශනා වැඩිදුර ශ්‍රවනය සඳහා පටිගත කොට තිබේ. සාමාන්‍යයෙන් පැය 1-1/2 ක් පැවැත්වෙන මෙම සැසි සඳහා සහභාගී වීමට සමාන අදහස් ඇති සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. සදහම් දේශනාවෙන් පසු සංග්‍රහයක් පවත්වන අතර, උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට උපන් දින, විවාහ සංවත්සර, මරණ සංවත්සර හෝ ඔබ කැමති වෙනත් ඕනෑම උත්සවයක් වැනි විශේෂ අවස්ථා වලදී සැසි හෝ සංග්‍රහ වලට හෝ අනුග්‍රහය දැක්වීමට තෝරා ගත හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර විශ්ව නිකේතන් කාර්ය මණ්ඩලය අමතන්න.

Back to Top