🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

3S අධ්‍යාත්මික පුහුණු වැඩසටහන: ස්වයං ගවේෂණය කරමින් සමාජයට සේවය කරමින් පරිසරය සුරකිමින්

3S අධ්‍යාත්මික පුහුණු වැඩසටහන> – ස්වයං ගවේෂණය කරමින් සමාජයට සේවය කරමින් පරිසරය සුරකිමින්

මෙය විශ්ව නිකේතන් ජාත්‍යන්තර සාම නිවහන මඟින් කෙරෙන මානසික ආතතිය අවම කිරීමේ වැඩසටහනකි.

මිනිසුන් වශයෙන් අපගේ ජීවිත බොහෝ විට ආධිපත්‍යය දරන්නේ වර්තමාන මොහොත අත්විඳීමට හෝ පාලනය කිරීමට කාලය යෙදීම වෙනුවට යම් දෙයක් කිරීම හෝ යමක් නිවැරදි කිරීම සඳහාය. මෙහි ප්‍රථිඵලය වන්නේ අප කරන දේ පිළිබඳව අපිම නොදැනුවත් වීමයි. මිනිසුන් වශයෙන් අපගේ ජීවිත, අනෙකුත් මිනිසුන්, සතුන් සහ ශාක ලෝකය සමඟ අන්තර් සම්බන්ධ වේ. නොදැනුවත්කම අපගේ මනස පාලනය කරන විට, අපගේ සියලු ක්‍රියා සහ තීරණ වලට ඉන් බලපෑම් කරන අතර මෙම සම්බන්ධතා වලට එයින් අහිතකර බලපෑමක් ඇති වේ. එය අපගේම කය සමඟ අප සම්බන්ධතා පැවැත්වීමෙන් සහ අපගේම සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් අප හට කෙසේ බලපායිද යන්න සිතා බැලීම වළක්වයි. සතිමත් බවෙන් යුත් දැනුවත්භාවය වර්ධනය කිරීමෙන් අපි අපගේ කය සහ එහි සංඥා සමඟ සම්බන්ධ වීමට අපගේ හැකියාව ශක්තිමත් කර අපගේ සිතේ සහ කයේ සමබරතාවය පවත්වා ගනිමු.

බුද්ධිය යනු අනෙකුත් ජීවීන් අතර මිනිසා කැපී පෙනෙන්නට හේතුවන විශේෂ ගුණයකි. සිත හා කයේ අන්තර්ක්‍රියාකාරී අභ්‍යාසයන් තුළින් අපගේ සතුට පිළිබඳ පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මනස නම් ඉන්ද්‍රිය ගවේෂණය කිරීමට අපට ඉඩ සලසයි.

සම්පූර්ණ වැඩසටහන තේමා තුනකින් සමන්විත වේ.:

  • ස්වයං ගවේෂණය කරමින්
  • සමාජයට සේවය කරමින්
  • පරිසරය සුරකිමින්

ස්වයං ගවේෂණය කරමින්

සිත සහ කය අතර නිවැරදි සමතුලිතතාව නැවත ලබා ගැනීම සඳහා භාවනා අභ්‍යාස, කායික පරිලෝකන ව්‍යායාම, සතිමත් යෝග ඇතුළු සතිමත් ව්‍යායාම තුළින් අපගේ සිතුවිලි, හැඟීම් සහ සංවේදනයන් පිළිබඳව මොහොතින් මොහොත අත්විඳීමේ කලාව අපි ඉගෙන ගනිමු. හිතකර හා අහිතකර සිතුවිලි, හැඟීම් සහ සංවේදනයන් අතර වෙනස හඳුනා ගැනීමට සහ අපගේ සිතෙහි සහ කයෙහි ඔරොත්තු දීමේ වැඩි ශක්‍යතාවක් ඇති කිරීමේ කුසලතා අපි ලබා ගනිමු.

සමාජයට සේවය කරමින්

අපගේ පුද්ගලික සහ වෘත්තීය ජීවිතය තුළ අප සමඟ කටයුතු කරන පුද්ගලයින්ගේ ආතතීන්ට සහ කම්පනයන්ට ප්‍රතිචාර දැක්වීමේ අපගේ හැකියාව ශක්තිමත් කිරීමේ කලාව අපි ඉගෙන ගනිමු. අන් අයගේ නිෂේධාත්මක හැඟීම්වලට හසු නොවී මානුෂීය දුක් වේදනා සමඟ සානුකම්පිතව කටයුතු කරන්නේ කෙසේදැයි අපි විශ්වීය මෛත්‍රී භාවනාවෙන් ඉගෙන ගනිමු.

පරිසරය සුරකිමින්

ස්වභාවධර්මය සහ ජල චිකිත්සක ව්‍යායාමය සමඟ භාවනා ආවර්ජනය කිරීමෙන් අපගේ හදවත් සහ මනස ලිහිල් කිරීම සඳහා සොබාදහමේ ඇති කුඩා දේවල් පවා අගය කිරීමට අපි ඉගෙන ගනිමු.

යෞවනයන් සහ වැඩිහිටියන්

මෙය වයස අවුරුදු 18-35 අතර පාසල් හැර ගිය අවිවාහක සහ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගත් වැඩසටහනකි. වැඩසටහන සඳහා සුදුසුකම් ලත් කණ්ඩායම් ස්වාධීනව හෝ ගමෙන් ඇතිවන ඉල්ලීම් මත තෝරා ගැනේ. තාරුණ්‍යයට ජීවන ඉලක්ක ගොඩනගා ගැනීමට උපකාර කිරීම, කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කිරීම සහ ඔවුන්ගේ සැලසුම් සඳහා අවශ්‍ය මූල්‍ය, භෞතික හා අධ්‍යාත්මික සම්පත් හඳුනා ගැනීම මෙම වැඩසටහනේ අරමුණු වේ. එය ඔවුන්ගේ ශක්තීන් හා දුර්වලතා හඳුනා ගැනීමට ද උපකාරී වේ. අධ්‍යාත්මික සංවර්ධනය සහිත සාර්ථක ජීවිතයකට පහසුකම් සපයන ධනාත්මක චින්තනය, ජල චිකිත්සාව සහ භාවනා ක්‍රම ඔවුන්ට හඳුන්වා දෙනු ඇත. මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලින් තොර ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම වැඩසටහනේදී වැඩි අවධානයක් යොමු කෙරේ.

දරුවන්

ස්වභාවයෙන්ම දරුවන් ක්‍රියාකාරී හා උද්යෝගිමත් ජීවීන් වන අතර ඔවුන්ගේ පරිසරය හා ජීවිත අත්දැකීම් තුළින් ඉගෙනීමට හා ගවේෂණය කිරීමට මහත් උනන්දුවක් දක්වති. වර්තමාන අධ්‍යාපනය මූලික වශයෙන් අධ්‍යාපනික ජයග්‍රහණ කෙරෙහි යොමු වී ඇති අතර ශාරීරික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාව කෙරෙහි යම් අවධානයක් යොමු කරයි. කෙසේ වෙතත්, අධ්‍යාපනය දරුවන්ගේ බුද්ධිමය, ශාරීරික, චිත්තවේගීය සහ අධ්‍යාත්මික සංවර්ධනය ඉතා මැනවින් ඒකාබද්ධ කළ යුතු වුවද, දරුවන්ගේ චිත්තවේගීය හා අධ්‍යාත්මික අංශ කෙරෙහි අඩු අවධානයක් ලැබේ. බුද්ධිමය හා නිපුණතා වර්ධනය බාහිර ලෝකය ගැන ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරන අතරම, පෞද්ගලික සංවර්ධනය තුළ අභ්‍යන්තර ලෝකය ගැන ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙය ළමයින් සමබර හා ඵලදායි පුද්ගලයින් බවට පත්වීමට අත්‍යවශ්‍ය වන අතර, තමා හා අන් අය සමඟ ඉන් සුහද සබඳතාවක් ඇති කරයි.

සෑම දෙයක්ම භෞතිකවාදය සහ ක්‍ෂණික සංතෘප්තිය මත පදනම් වූ සමාජයක ජීවත්වන දරුවන්ට විශ්ව නිකේතනය “දරුවන්ට සතිමත් බව” යන වැඩසටහන තුළින් ඔවුන්ගේ ඇතුළාන්තය හා යා වීමට ද ඔවුන් ගේ සැඟවුනු හැකියාවන් සහ සියුම් සංකීර්ණතා හඳුනා ගැනීමටත් අවස්ථාවක් ලබා දේ. ඔවුන්ගේ ක්‍රියාකාරී මනස නිරීක්ෂණය කිරීමට ඉගෙන ගන්නා විට, වර්තමාන මොහොත කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු ආකාරය ඔවුහු තේරුම් ගනිති. විශ්ව නිකේතන් අධ්‍යාත්මික සහ අනාගමික වැඩසටහන් තුළින් භාවනා ක්‍රමවේදයන්ගෙන්ද භාවනාව දරුවන්ට බරක් නොවන බවට වගබලා ගැනීමේදී සැලකිලිමත් වේ. ළමා හා නව යොවුන් වියේ ඇතිවන බිය සහ කාංසාව සමඟ කටයුතු කිරීමට අන්තර් ක්‍රියාකාරී ව්‍යායාම, ක්‍රීඩා සහ සංවාද ඔවුන්ට ඉදිරිපත් කරයි.

තමා ගැන සොයා ගැනීම, අන්තර්කාරී අභ්‍යාස, විවෘත සංවාදය සහ හවුලේ ඉගෙනීම යන සිත් ඇදගන්නා සුළු මාවතක් තුළින් ළමයින් සිත කය සහ හදවතේ සම්බන්ධතාව පිළිබඳ බලවත් මූලධර්මයන් පුරුදු පුහුණු කර ක්‍රියාත්මක කරනු ඇත.

විධායකයින්

අද ව්‍යාපාරික ලෝකය කනස්සල්ලෙන් හා පීඩනයෙන් පිරී ඇත. අධීක්ෂකවරුන්, ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයින්, තරඟකරුවන්, පවුල සහ අපගේම මනසෙහි අර්ථයන් සමබර කර ගැනීමට සෑම දිනකම අපෙන් ඉල්ලීම් කෙරේ. පරෙස්සම් නූනොත් “සාර්ථකත්වයේ” ඉලක්කය අපගේ වඩාත්ම අව්‍යාජ වටිනාකම් යටපත් කර අපගේ අනුදැනුමකින් තොරවම ඒවා දැඩි පුද්ගලික පාඩු බවට පත් කරනු ඇත.

අපගේ දවසේ පැය 24 කාල නිර්නයන් තුළ වැඩ නිම කිරීමට, දුෂ්කර තීරණ ගැනීමට, කනස්සල්ලෙන් ගෙවීමට ඉඩ නොදිය යුතුය. සෑම තත්ත්වයක්ම ජීවිත පාඩමක් ලබා දෙන බවට අප විවෘතව සිටිනවා නම්, එවැනි අභියෝග සමඟ සාර්ථකව කටයුතු කිරීමට වඩා වැඩි යමක් අපට කළ හැකිය. “වගකීම් සහිත ආයතනික කළමනාකරණය සඳහා වූ අධ්‍යාත්මික සම්පත් වැඩසටහන” සැලසුම් කර ඇත්තේ කාර්යබහුල ආයතනික නායකයින්ට තම ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ තියුණු අවබෝධයක් සහ අභියෝගවලට මුහුණ දීම සඳහා තිරසාර ආධාරක පද්ධතියක් වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා ය. රැකියා ස්ථානයේ ඇති විය හැකි ඕනෑම තත්ත්වයක් සමඟ කටයුතු කිරීමට ඵලදායී විසඳුම් නිර්මාණය කිරීමට උපකාර වන ගැඹුරු ස්වයං දැනුවත්භාවයක් වර්ධනය කිරීමට ද මෙම වැඩසටහන පන්නරයක් ලබා දේ.

විශ්ව නිකේතන් ජාත්‍යන්තර සාම නිවහනේ භාවනාව සහ සංවාදය ආරම්භ වන්නේ අප සෑම කෙනෙකුටම මනසක් සහ හදවතක් ඇති බවට වන මූලික සිද්ධාන්තය මතය. අපගේ භෞතික පැවැත්ම මෙහෙය වනු ලබන්නේ අපේ මනෝවිද්‍යාත්මක සහ අධ්‍යාත්මික ශක්තියයි. අප අපගේ අභ්‍යන්තර ශක්තීන් හඳුනා ගතහොත් අපගේ මනස පුබුදුවා ලීමට හැකිවනු ඇත. මෙම වැඩසටහන තුළින් සමාගම් ලෝකයේ නායකයින් අතර සිහිබුද්ධියෙන් හා නිර්මාණශීලී අන්තර්ක්‍රියා සමඟින්, අප සතුව කිසිදා නොදැන සිටි සම්පත් සොයා ගැනීමට උපකාර වන කුසලතා ප්‍රගුණ කිරීමෙන් පුද්ගලයන්ට මෙන්ම ඔවුන්ගේ සංවිධානවලටද විශාල ප්‍රතිලාභ ලැබිය හැකිය.

Back to Top