🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

භාවනා වැඩසටහන්

සාමුහික භාවනා වැඩසටහන්

අධ්‍යාත්මික පිබිදීම පිළිබඳ එහි දැක්ම ඔස්සේ යමින් විශ්ව නිකේතන් සාම හා භාවනා නිවහන වසර පුරාම භාවනා වැඩසටහන් සංවිධානය කරයිග මෙය හැම තරාතිරමකම අය හමුවන වැඩසටහනකි. විශ්‍රාමිකයින්, වෘත්තිකයින්, ගෘහනියන්, පාසල් හැර ගිය අය, රැකියා විරහිත තරුණ තරුණියන් යනාදී අය තම එදිනෙදා ජීවිතයට සාර්ථකව මුහුණ දීම සහතික කර ගැනීම සඳහා ගිහියෙකු විසින් කල්පනාකාරී විය යුතු ඉදිරි දර්ශන සහ ජීවන රටාවන් මෙනෙහි කිරීමට එක්වෙති. අපගේ ජීවිත ඉලක්ක වෙත ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳ විකල්ප මාර්ග ද සාකච්ඡා කෙරේ. භාවනාවට ආධුනිකයන්ට මෙන්ම ගැඹුරු භාවනාවකට යාමට කැමති පළපුරුදු වෘත්තිකයන්ටද එකවර ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම වැඩසටහන් සැලසුම් කර ඇත.

තනි පුද්ගල භාවනා වැඩසටහන්

භාවනා ගුරුවරයා සමඟ හෝ නැතිව කලින් වෙන්කරවා ගෙන භාවනාව සඳහා පහසුකම් භාවිතා කිරීමට හැකිවේ. දේශීය හා විදේශීය භාවනා යෝගීන් පහසුකම් කලින් වෙන් කරවාගෙන කෙටි කාලීන නේවාසික වැඩසටහන් සඳහා විශ්ව නිකේතනයට එති.
Back to Top