🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

නීතා ධම්මාචාරී ආරියරත්න මහත්මිය

භාරකරු

1950 දශකයේ අගභාගයේදී නීතා ආරියරත්න මහත්මිය නව යොවුන් වියේ බාල දක්ෂිකාවක ලෙස, පහත්ම කුලය ලෙස සැලකෙන සමාජීයීය වශයෙන් අවාසි සහගත පිරිසක් ජීවත් වූ මානාව ප්‍රදේශයේ “රොඩි ගම්මානයක” කඳවුරු බැඳීමට මූලිකත්වය ගත්තාය. එම කාලය තුළ කොළඹ පාසල්වල ධනවත් පවුල්වල දරුවන්ට එවැනි ගම්මානවලට යාමට ඉඩ ලැබුණේ නැත. මෙම පරිවර්තන යුගයේදී ආරියරත්න මහත්මිය ආන්තික රොඩි කාන්තාවන්ගේ සමාජ ජීවිතයේ විශාල වෙනසක් ඇති කිරීමට සමත් වූවාය. ඔවුන්ගේ සමහර අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ ඔවුන්ගේ පුද්ගලික සනීපාරක්ෂක සමාජ පුරුදු සහ ඔවුන්ගේ වටපිටාව පිරිසිදුව තබා ගැනීම වැඩිදියුණු කිරීමට සහාය වූවාය.

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ බිරිඳ මෙන්ම ඔහුගේ ශක්තිය ලෙසද ඇය නැගී සිටියා ය. ඇය සර්වෝදය ගම්මාන පිබිදීමේ වැඩසටහන ගම් 15,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට සහාය වූවාය.
පුළුල් වූ සර්වෝදය ව්‍යාපාරයේ සමාජ සුබසාධන ඒකකය ලෙස සර්වෝදය සුවසෙත පිහිටුවීමේ දී මූලික වූයේ ආරියරත්න මහත්මියයි. සර්වෝදය සුවසෙත පෝෂණ මධ්‍යස්ථානය 1975 දී ආරම්භ කරන ලද්දේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළදරුවන් දෙදෙනෙකුගෙනි. දැන් මේ මධ්‍යස්ථානයේ පෝෂණය සහ රැකවරණය ලබන එවැනි දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 30ක් පමණ සිටිති. යුද්ධයේ බලපෑමට ලක් වූ උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි සර්වෝදය සුවසෙත ළමා නිවාස 09 ක අනාථ වූ, අසරණ වූ හෝ අතහැර දැමූ ළදරුවන් සහ දරුවන් නේවාසික රැකවරණය සහ පුනරුත්ථාපනය ලබමින් සිටිති.

1975 සිට අද දක්වා සර්වෝදය ළමා නිවාස හරහා අනාථ, අසරණ, අත්හල දරුවන් 25,000 කට වැඩි සංඛ්‍යාවකට ආදරය, රැකවරණය සහ ආරක්ෂාව සැපයීමටත්, හව්හරණක් නැති සිය ගණනක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වැඩිහිටි නිවාස පිහිටුවා පවත්වා ගෙන යාමටත්, විශේෂ අවශ්‍යතා ඇති කාන්තාවන්, දරුවන් සහ වැඩිහිටියන් පුහුණු අවස්ථා තුළින් බලගැන්වීමටත් නීතා ආරියරත්න මහත්මිය පුරෝගාමීත්ය දැරීය.

නීතා ධම්මාචාරී ආරියරත්න මහත්මිය

භාරකරු
Back to Top