🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

එච්.ඒ. මධුෂාන් ඉදුරංග මහතා

පරිපාලන සහ ගිණුම් කළමණාකරු

මොහු 1993 – 1995 දක්වා වසර දෙකක පූර්ණ ළමාවිය අධ්‍යාපනය සර්වෝදය පෙර පාසල තුළින් ලබා විධිමත් පාසල් අධ්‍යාපනයට ඇතුළත් වූයේ ය. අ.පො.ස (උසස් පෙළ) වාණිජ අංශයෙන් සමත්ව, කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවද, ලන්ඩන් ටෙක් ආයතනයෙන් ග්‍රැපික් ඩිසයින් ඩිප්ලෝමාවද, ජාතික තරුණ සේවා සභාව මඟින් පරිගණක ගිණුම්කරණ ඩිප්ලෝමාවද හැදෑරුවේය. (AAT) ගණකාධිකරණ ශිල්පී ආයතනයේ අදියර 111 සහ වරලත් ගණකාධිකාරී ආයතනයේ විධායක අදියරෙහි ඉගෙනීම් කටයුතු සිදුකරගෙන යයි.

2010 – 2012 දක්වා වින්ලයන් ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ කළමනාකරණ සහකාර වශයෙන් සේවය කළ අතර 2012 වසරේ සර්වෝදය විශ්ව නිකේතන් ආයතනයේ ගිණුම් සහ තොරතුරු තාක්ෂණ සහායක නිලධාරී වශයෙන් සේවයට බැඳුණේය. දැනට විශ්ව නිකේතන් ආයතනයේ පරිපාලන සහ ගිණුම් කළමණාකරු වශයෙන් සේවය කරයි. 2019 වසරේ සිට සීමාසහිත සර්වෝදය සුවසෙත සේවා සමිතියේ ගරු උපභාණ්ඩාගාරික තනතුරෙහි සේවය කරයි.

එච්.ඒ. මධුෂාන් ඉදුරංග මහතා

පරිපාලන සහ ගිණුම් කළමණාකරු
Back to Top