🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

දයා මුතුකුමාරණ මහතා

සභාපති

දයා මුතුකුමාරණ මහතා බොහෝ කීර්තිමත් වාණිජ බැංකු වන HNB, Pan Asia සහ ක්ෂුද්‍ර මූල්‍ය සහ විශාල මූල්‍ය ආයතන වන Asia Capital PLC iy Asia Asset Finance PLC ආදියෙහි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍යාධිකාරී, වැනි ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු දැරූ සුදුසුකම් ලත් වෘත්තීය බැංකුකරුවෙකි. ජාත්‍යන්තර මූල්‍ය සහ උපදේශන සංවිධාන එනම් ADB, USAID, Women’s World Banking New York, Banking with the Poor Australia, Etimos Italy, Sustainable Village Development Programs USA Colorado University සමඟ කටයුතු කර ඇති අතර, සහ රජයේ සංස්ථාවල එනම් ලංකා ධීවර සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂක ලෙසද IDB, Asia Siyaka Commodities’ PLc යන ආයතන වලද විවිධ තනතුරු දරා ඇත.

ඔහු සර්වෝදය ව්‍යාපාරයෙහි උප සභාපති, සීඩ්ස් සභාපති, ඩී.ඩී.එෆ්.සී. සභාපති, ආචාර්ය ඒ. ටී. ආරියරත්න භාරයේ සභාපති, විශ්ව නිකේතන්, සීමාසහිත සර්වෝදය සුවසෙත සේවා සමිතියේ උපදේශක ලෙස ද කටයුතු කර ඇත.

ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ එක්සත් රාජධානියේ වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. මුතුකුමාරණ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියත්, (PIM), එක්සත් රාජධානියේ Canfields විශ්ව විද්‍යාලයෙන් MDP උපාධියත්, එක්සත් ජනපදයේ බොස්ටන්හි Tufts විශ්ව MDP ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවත් හිමිකර ගෙන ඇත.

දයා මුතුකුමාරණ මහතා

සභාපති
Back to Top