🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

චන්න ද සිල්වා මහතා

භාරකරු

චන්න ද සිල්වා මහතා 2011 අප්‍රේල් මාසයේදී සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (SDF) පත් කරන ලද අතර ඉන් අනතුරුව 2014 නොවැම්බර් මාසයේදී නියෝජ්‍ය සභාපති ලෙස පත් කරන ලදී. ඔහු 2016 ඔක්තෝම්බර් මාසයේදී සර්වෝදය සංවර්ධන මූල්ය සමාගමෙහි (SDF) සභාපති ලෙස පත්විය.

ඔහු ඊට පෙර Summit Finance PLC හි කළමනාකාර අධ්‍යක්ෂ මෙන්ම ජෝර්ජ් ස්ටුවර්ට් පිනෑස් (George Steuart Finance PLC) හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇත. ඊට පෙර ඔහු Pan Asia Bank PLC හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේය. ඔහු සීමාසහිත ඩෙල්මේජ් සමූහ ව්‍යාපාරයෙහි (Delmege Group) සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) විධායක අධ්‍යක්ෂවරයා ලෙස මීට පෙර රාජ්‍ය අංශයට සේවය කර ඇත. ඔහු කැපිටල් මාධ්‍යයයේ සභාපති/සම නිර්මාතෘවරයා වේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සහ මෙල්බර්න් ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (FCMA – UK) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ (FCCA – UK) සාමාජිකයෙකු වේ.

ඔහු සර්වෝදය ශ්‍රමදාන සංගමයේ උප සභාපතිවරයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි ඔහු වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ (ACCA – UK) සාමාජික ජාල මණ්ඩලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් මෙන්ම සුරැකුම්පත් සහ ආයෝජන සඳහා වූ වරලත් ආයතනයේ (CISI-UK) ශ්‍රී ලංකා සභා සාමාජිකයෙකි. ඔහු හාවඩ් විශ්ව විද්යායලයේ එඩ්වඩ් මේසන් සාමාජිකයෙකු වන අතර හාවඩ් කෙනඩි පාසලේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ ඉගැන්වීමේ සාමාජිකයෙකු ලෙස ද සේවය කළේය.

චන්න ද සිල්වා මහතා

භාරකරු
Back to Top