[two_third]
ආචාර්ය චාරිකා මාරසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී (LL.B.) ගෞරව උපාධියක් ලබා ඇති අතර, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරියක සහ එක්සත් රාජධානියේ සොලිසිටර්වරියක ද වේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව ලාභියෙකු ලෙස ද මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් යටතේ විශාරදවරියක් ලෙසද, ඇය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සහ ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂ අධ්‍යයන සහිතව ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (M.Litt.) සහ දර්ශනපති උපාධිය (D.Phil) ලබා ගත්තාය.
වසර 35ක වෘත්තීය ජීවිතය තුළ ඇය වසර 17ක් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනිය සහ සාමාජිකාවක් ලෙසත් සේවය කළාය.
විශ්ව නිකේතන් ජාත්‍යන්තර සාම නිවහනේ භාරකරුවෙකු ලෙස ඇය 1999 දී ශ්‍රී ලාංකික බන්ධනාගාර රැඳවියන් සඳහා චිත්ත අධ්‍යාත්මික සුවතා වැඩසටහනද, 2017 දී ආතතිය අවම කිරීම සඳහා වූ ස්වයං සෙවීම, සමාජයට සේවය කිරීම සහ පරිසරය සුරැකීම නම් තේමාව යටතේ 3එස් අධ්‍යාත්මික වැඩසටහනද, 2019 දී ස්වභාවික සහ මිනිස් මූලික වූ ව්‍යසනයන්ට මුහුණ දුන් සජීවිකයන් සඳහා මනෝ චිත්ත අධ්‍යාත්මික සහනසේවා සැපයීම සඳහා සහන මිතුරෝ වැඩසටහනද ආරම්භ කිරීමේ යෙදුණාය. ඇය පසුගිය වසර 15 පුරා සතිමත් බව පුහුණු කරන්නියක් ලෙස කටයුතු කරන්නීය. 2021 මාර්තු මාසයේදී ආචාර්ය චාරිකා මාරසිංහ මහත්මිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඔක්ස්ෆර්ඩ් මයින්ඩ්ෆුල්නස් මධ්‍යස්ථානය යටතේ සතිමත් බව පදනම් කරගත් සංජානන ප්‍රතිකාරය (MBCT) පිළිබඳ වසරක ගුරු පුහුණුවක් ලැබුවාය.
[/two_third]
[one_third_last]
[member name=”ආචාර්ය චාරිකා මාරසිංහ මහත්මිය” role=”භාරකරු” img=”https://vishvaniketan.org/wp-content/uploads/2021/11/DR-Charika.jpg”][/member]
[gap height=”30″]
[/one_third_last]
Comments are closed.