🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

සාම කෞතුකාගාරය

විශ්ව නිකේතන් ජාත්‍යන්තර සාම නිවහනේ නිර්මාතෘ සහ සර්වෝදය ව්‍යාපාරයේ සම්මානිත සභාපති ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් සර්වෝදය හරහා නව සමාජ ව්‍යුහයක් ගොඩනැගීමට ජීවිත කාලයම කැප කළ අවිහිංසාවාදී ප්‍රයත්නයක සටහන් සාම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.

සාම කෞතුකාගාරයේ ඇති ද්‍රව්‍ය පිරික්සීමේදී ආරියරත්නයන් ජනප්‍රිය නාමයක් බවට පත් වූ ආකාරය මනාව වැටහේ. බොහෝ විශ්ව විද්‍යාල විසින් ඔහුට පිරිනමන ලද ගෞරව උපාධි සහ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ඇගයීම් සහ සහතික කෞතුකාගාරයේ එක් පැත්තකින් දක්නට ලැබේ.

ඔහුට ලැබුණු ජාත්‍යන්තර ගෞරව අතර:

  • පිලිපීනයේ ප්‍රජා නායකත්වය සඳහා මැග්සසේ සම්මානය
  • බෙල්ජියමේ බෝඩොයින් රජු විසින් පිරිනමන ලද කිංග් බෝඩොයින් සම්මානය
  • ජපානයේ නිවානෝ පදනම විසින් පිරිනමන ලද නිවනෝ සාම ත්‍යාගය
  • ඉන්දීය රජය විසින් පිරිනමන ලද මහත්මා ගාන්ධි සාම ත්‍යාගය
  • ලෝක කුසගින්න සම්මානය
  • ජම්නලාල් බජාජ් සම්මානය

දේශීය ගෞරව අතර:

  • ‘දේශබන්දු’ – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති අතිගරු ජේ.ආර් ජයවර්ධන මහතා විසින් පිරිනමන ලදි.
  • ‘ප්‍රසාදිනි’ – ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් පිරිනමන ලදී.
  • ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලදී.

මෙම සම්මාන අතර, සර්වෝදය ශ්‍රමදාන සමිති සහ වෙනත් සංවිධාන විසින් ප්‍රදානය කරන ලද සමරු තිළිණ රැසක් සමඟින් විවිධ සංවිධානවලින් පිරිනමන ලද තවත් සම්මාන රැසක් ද, රේමන් මැග්fසසේ පදනම විසින් පිරිනමන ලද ප්‍රදර්ශන කුටිවල දක්නට ලැබේ.

මෙම කෞතුකාගාරයට පිවිසෙන විට, දුප්පතුන් සහ සමාජය තුළ නොසලකා හැරීමට ලක්වූවන් වෙනුවෙන් වෙහෙස නොබලා කටයුතු කළ තනි මිනිසෙකුගේ උතුම් සේවය නිරීක්ෂණය කිරීමට කිසිවෙකුට නොහැකි නොවනු ඇත.

Back to Top